Monday 2nd of February 2026

English Tamil
Advertiesment


7ක් රෝහලට වැටුනත් ආණ්ඩුවට මතක් නොවෙන ඡන්ද පොරොන්දුව..!


2026-02-02 1239

 

ගුරු සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසයට දවස් 8යි..!

 

7ක් රෝහල් ගත වෙද්දි ජනපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයකට ලෑස්ති වෙයි..!

 

ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය තවදුරටත් තීව්‍ර කරමින් සඳුදා (02) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් ද පවත්වන බව පාසල් සංවර්ධන නිලධාරීන් ප්‍රකාශ කළා.

07 වැනි දිනටත් ඊයේ පැවති මාරාන්තික උපවාසයේ නිරත වූ තවත් සංවර්ධන නිලධාරියෙකු රෝහල්ගත කරනු ලැබුවා.

වසර 6කට වැඩි කාලයක සිට පාසල්වල ඉගෙනුම් කාර්යයයේ නිරත පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය ඊයේ 7 වැනි දිනටත් ක්‍රියාත්මක වුණේ, ලබන අඟහරුවාදා ජනාධිපතිවරයා සමඟ ඔවුන්ට සාකච්ඡාවක් ලබා දී ඇති පසුබිමකයි.

Advertiesment